දකින විට
සුදුව ගිය
බිම හැලුණු
කෙස් රොදක්...
හිත ගියා අතීතෙට ...
ඔබෙ නීල කෙස් කළඹ
දඟ පෑව යෞවනය
මගේ හිතට කතා කළ
ඔබෙ සුනිල යුග දෑස
වෙලි වෙලි හුරතලෙන්
මගේ දෑතෙ දඟ පෑව,
එදා උන් උඹ නැතත් .....
හිදී උඹ මා ළඟම
කෙස් පැසී ගිය හිසින්
ගිලී ගිය නෙත් යුගින්
වැහැරි ගිය සියොළඟින්
ඒත් .....
නොවෙනස් වු සෙනෙහෙන්.
''මිනිසා සුවඳයි මලසේ ''
උතුම් මිනිසත් බවටනම්
කදිම උවමකි එය....
පෙති සිඳී කරගැටිවූ මලක
නොවේ පෙර වූ සුවඳ ...
දහම එය උවද ,
මිනිස් බවටද නිගා දෙන
දෙපා සතකුට
තවත්නම් සරි නොවේ
ඒ උවම ...
හලා හල විෂ ගොඩක
නිමැවුමක් මිස,
දසත විහිදෙන
සුවඳ පොද නැත
උන් ළඟ ....
දුලි රැලි නංවමින්
සුසුම් හෙළු වැලි කතර
උරා ගනි හෙමි හෙමින්
හුස්ම පොද..
වැහි පොදින් පණ පොවා
බිමට හෙළු....
මිරිගු දිය පමණක්ම
නෙත් පෙලු ගිමන් කල
නිමාකළ අහස කුස
ගැබ්බරය දැන් ඉතින් ....
මහ වනස්පති නැතත්
තැනින් තැන සුසුම් හෙළු
පුංචි තුරුලිය පිරිස්
නිහඬවම වැසි පොදේ
සුව විඳිත් ....