සුදුව ගිය
බිම හැලුණු
කෙස් රොදක්...
හිත ගියා අතීතෙට ...
ඔබෙ නීල කෙස් කළඹ
මගේ හිතට කතා කළ
ඔබෙ සුනිල යුග දෑස
වෙලි වෙලි හුරතලෙන්
මගේ දෑතෙ දඟ පෑව,
එදා උන් උඹ නැතත් .....
හිදී උඹ මා ළඟම
කෙස් පැසී ගිය හිසින්
ගිලී ගිය නෙත් යුගින්
වැහැරි ගිය සියොළඟින්
ඒත් .....
නොවෙනස් වු සෙනෙහෙන්.
ජිවිත යතාර්ත්ය කවියකින් සිත්තම් වෙලා හරිම අපුරුයි...
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තූතියි අදහසට..
Delete