දුලි රැලි නංවමින්
සුසුම් හෙළු වැලි කතර
උරා ගනි හෙමි හෙමින්
හුස්ම පොද..
වැහි පොදින් පණ පොවා
බිමට හෙළු....
මිරිගු දිය පමණක්ම
නෙත් පෙලු ගිමන් කල
නිමාකළ අහස කුස
ගැබ්බරය දැන් ඉතින් ....
මහ වනස්පති නැතත්
තැනින් තැන සුසුම් හෙළු
පුංචි තුරුලිය පිරිස්
නිහඬවම වැසි පොදේ
සුව විඳිත් ....
ලස්සන පද පෙළක්... :)
ReplyDeleteබ්ලොග් එකකට අකුරු කරනවා කියල දැන ගත්තේ අදනේ!
හ්ම්ම්ම්..සතුටුයි ප්‍රතිචාරයට ...
Deleteමහ වනස්පති නැතත්
ReplyDeleteතැනින් තැන සුසුම් හෙළු
පුංචි තුරුලිය පිරිස්
නිහඬවම වැසි පොදේ
සුව විඳිත් ....
නියමයි..............
ස්තුතියි....
Delete