සිතැඟි
හඬන සැනසෙන සිත් සතන් මොහොතකට හරි ලැගුම් ගන්නා ඉසව්වක්....
Tuesday, October 30, 2012
සොඳුරු බව
මිහිතලයේ නේක සුන්දරතා
මන්මත් කරවයි දනන්
සොඳුරු බව පතුලෙහි
සැඟව ඇති වියරු බව
නොදකීවී කිසිවිටත්
ඔබ මා ...
නොකියා ම ගිලගනී
පලා යන්නටවත් ඉඩක්
නොතබාම...
ජීවිතයද එවැන්නක්
නොවේයැයි
කාටනම් කිව හැකිද?
Monday, October 29, 2012
ජීවිතය
නුඹේ සෙනෙහස
කවියක්ය .....
මහද කැටපත් පවුර මත
නොමැකෙනා ලෙස රැඳුන
නුඹේ සිනහව
ඔසුවක්ය .....
තනිය රැඳි හදේ
ගිම් නිවාලන
නුඹේ උණුසුම
සුවයක්ය .....
සදාකල් දිවියටම
පණ පොවන
ජීවිතය සොදුරුතම
අරණක්ය....
සෙනෙහසින් උණුසුමින්
නුඹ හැදුව
සැසඳීම
බැලු බැලු අත හරිතවත්ය
ඒ මගේ මවුබිමය ....
නොපෙනෙනා ගවු දුරක්
ගිනියම්වූ වැලිකතර
ඒ මා වෙසෙන රටය ....
ඇදහැලෙන වැසි සමග
දිය ඇලිද සිසිල දෙන
නිල්වන්ය මගේ රට....
කෘතීම වා රැලි මිසක
වැහිපොදක් නොම දකින
ගිනිගහන කතරකිය
මා වෙසෙන රට...
සොබාදහමේ අසිරි
සිත්තරෙකු නිමවුසේ
සොදුරු වන ගහනයකි මගේ රට.......
දුරින් දුර එක ගසක්
මහ පොළවෙ දවෙනයුරු
විඩාබර දෑසින්
දකින මා වෙසෙන රට දහම් දීපයයැයි කියා
අධර්මය රජ කරන
නීතියක් නැති තරම්
වංචාව දූෂණය
මෙකි නොකී සෑම දෑ
ඇති මගේ මවුබිමය
බිය සැකක් සොර බියක් -නොමැති මා වෙසෙන රට
නීතියෙන් සවිමත්ය -සොඳුරු නොවුනත් සිරින්.......
සතුට
හඹා ගොස් ජීවිතය
සොයයි සතුටක සේයාව
එය නොවේ තව දුරයි
සොයා යයි ඒ සැපත
පයට පෑගී ළගම
කැබලි වී විසිරුනේ
හඹා ගිය සතුට නොව
උරුම වූ සතුට බව
හැඟෙන විට දැන් ඉතින්
හති වැටී අවසන්ය....
නොදුටු ලොව
කූද්ද වා මා උදෙන්
වලංගු නැති ඔබේ දෑතීන්
කරන් මා වත්තන්
වෙල් නියරේ
සීතල පිනි මතින්
ඇවිද ගියා මතකයි
අම්මේ ....
මහ වෙහෙරට
අත ගසන්නට
කටින
චීවරයට ...
අත ගසා බැති සිතින් ...
පැතුවා පැතුමක්
වේනම් පිනක් ලබනට දෑස්
මතු බවයෙදී
දකින්නට නොව ලොවේ අසිරිය
දයාවෙන්
මා
වැඩු
සෙනෙහෙ බර
මවුපිය
මුහුණු දකිනට
....
Sunday, October 28, 2012
නොදුටු ලොව
බැස යන ඉරේ හැන්දෑව
අපුරු සිතුවමක් වගේලු
වැස්සට ලන්වුන අහස
කවියෙකු මුල පිරුමක්ලු
පුංචි නංගිගේ සුදු මුණ
සුදු හඳ හාමි තරමටම ලස්සනලු
වැල් ඇඳ උඩ ඉදං
මගේ අත අල්ලාන
නුඹ කීවා මතකයි
තාත්තේ...
කිසිදාක මා නොදුටු
ලොවේ අසිරිය
දුටුවා ඔබේ දෙනෙතින්
මවන්නට ලොවේ සිරි
මගේ හද සිතුවමේ
නුඹ මුවින් ගිලිහි ගිය
වදන් පොත් සිය ගනන්
පියවූ දා පටන් ඒ යුග නුවන්
නුඹ මැවූ ලෝකයේ
හුන් තැනම මා තවම ....
ඇය
පෙර කළ පිනෙන්
ලැබූ මිනිසත් බවටද
නොතබා ගෞරවය
රන් හුයෙන් බැඳී
පෙමක ...රන්මුදු ..
සලකා විලංගු කොට
දිවි සටන ජයගන්න
වෙර දරන හිමියන්ව
පලවා ශාපයක් කොට
පෑළ දොර කැඳවූ
චෞරයෙකු හට
මනදොලක්වී
රැස් කරන පාපයේ
ගිනිසිලුවක්ව
දලු දමන ගැබ
උගුලා බලෙන්
දමා වැසිකිලි වලක
දෑත පිසදා ගත් නුඹ
මවක් වන ගැහැණියට
නිගාවක් නොවන්නේද?
Saturday, October 27, 2012
නුඹ නමට
උහුලන්න බැරි පෙමක්
තුරුලු කොට ආදරෙන්
ගෙන ආව අතීතය
මහහුඟක් දුර ඉඳන්
බරක් නොව සවියක්ය
ජීවිතය පැන පොවන
මියෙන දාටත් එපෙම
කාටවත් දෙනු නොහැක ....
ප්‍රේමය හා විවාහය
ප්‍රේමය අබියස බොළඳ සිත්
ජීවිතය පරයා රකින
සැබෑ කරගන්නට වෙර දරන
නිබඳ දලු දමන සිහිනය.....
නෙත් අබිමුව සැබෑ වූ සඳ
ඒනයින් මියෙන්නට වුව
සැදී පැහැදුන අයෙක්
දැකිය හැකි වෙද යළිත්...
එතැන් සිට...
ප්‍රේමය බොළඳය
ජීවිතය එය නොවේ
නොකියාද බොහෝ අය....
වෙනස
නුඹ නමට ගෙතූ කවි
කදුළු මුතු කැටවලින්
අපුරුවට සිතුවම් කොට
සුසුම් මල් පෙති ඉහා
සීරුවට හැඩ කළ
ඒ නුහුරු තනිකම ....
නොතනියෙන් වැසුණු සඳ
කඳුළු මෙන් සුසුම් මෙන්
කවි සිතද දුර ගියා
සිනහවට වඩා දුක
කවිකමට ළඟ බවක්
අදහන්න වීය මට.......
යදිමි
කඳුල සිනහව දරාගන්නට
ළඟ ඇතත් දුක බෙදාගන්නට
බොහෝ සිතිවිලි කවි කරන්නට
යදිමි අවසර මෑණි සරසවි
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)