Monday, October 29, 2012

සැසඳීම

බැලු බැලු අත හරිතවත්ය
ඒ මගේ මවුබිමය ....
නොපෙනෙනා ගවු දුරක් 
ගිනියම්වූ වැලිකතර
ඒ මා වෙසෙන රටය ....                                             
ඇදහැලෙන වැසි සමග 
දිය ඇලිද  සිසිල දෙන 
නිල්වන්ය මගේ රට....                                     
කෘතීම වා රැලි මිසක 
වැහිපොදක් නොම දකින 
ගිනිගහන කතරකිය 
මා වෙසෙන රට...
සොබාදහමේ අසිරි 
all propertiesසිත්තරෙකු නිමවුසේ 
සොදුරු වන ගහනයකි මගේ රට.......
දුරින් දුර එක ගසක්
මහ පොළවෙ දවෙනයුරු
විඩාබර  දෑසින්
දකින මා වෙසෙන රට  දහම් දීපයයැයි කියා 
අධර්මය රජ කරන
නීතියක්  නැති තරම් 
වංචාව දූෂණය
මෙකි නොකී සෑම දෑ
ඇති මගේ මවුබිමය 
බිය සැකක් සොර බියක් -නොමැති මා වෙසෙන රට
නීතියෙන් සවිමත්ය -සොඳුරු නොවුනත් සිරින්.......

No comments:

Post a Comment