Sunday, October 28, 2012

ඇය

පෙර කළ පිනෙන් 
ලැබූ මිනිසත් බවටද 
නොතබා ගෞරවය 
රන් හුයෙන් බැඳී 
පෙමක ...රන්මුදු ..
සලකා විලංගු කොට 
දිවි සටන ජයගන්න 
වෙර දරන හිමියන්ව
පලවා  ශාපයක් කොට
පෑළ දොර කැඳවූ
චෞරයෙකු හට 
මනදොලක්වී  
රැස් කරන පාපයේ
ගිනිසිලුවක්ව 
දලු දමන ගැබ 
උගුලා බලෙන් 
දමා වැසිකිලි වලක 
දෑත පිසදා ගත් නුඹ
මවක් වන ගැහැණියට 
නිගාවක් නොවන්නේද?

No comments:

Post a Comment