Tuesday, January 22, 2013

අප කොතනද?

නිමා වන්නට අර අදී
පළමු  මස
උදාවී නව වසර ...
සැමරූ අයුරු 31 රෑ
කෙළිදෙලෙන් ..
වියරුවෙන්..
කාමයෙන්..
පිළිගන්න 2013
කිරි ටිකක් ඉතිර ගිය නිවෙස්
පමණට වඩා වැඩි සැණකෙළි ...
ඉතිරිකොට අතීතෙට
කෑ ගසයි විස්මිතව
යළිත් හුරු  ලෙස
පිට සක්වලක් හා
අත්භූත එළි ගැන .
බෙදයි රට වට පුවතින් පුවත
මිත්‍යාවෙන් ප්‍රබන්දයෙන්
වවමින් පොහොර ඉස ඉස.
තර්කයට බුද්ධියට
න්‍යායට තාක්ෂණයට
නොවන ඝෝචර බොහෝ දෑ
අපිරිමිත බව විශ්වයේ
දෙසුවද  බුදු බණේ
තවම අප අප ගැනද
සොයන පාටක් නොමැත
මංමුලා  වී දුවන...
අන්ත අසරණ...
ජීවියෝඅපි වෙමු
ගැඹුරු සක්වල දනව්වේ

No comments:

Post a Comment