Tuesday, January 8, 2013

ලෝක විනාශය

භීතියෙන් තැති ගැනුණු 
ලෝ සතුන් 
මදක් හෝ ජීවිතය 
අත්හැරිය දින ටිකක්
සුපුරුදුව ගෙවුන සඳ 
හාස්‍යට කරුණකිය
'ලෝක  විනාශය '
ගෙවා දමා අවසාන දින ටික 
සැදී පැහැදුනා පිළිගන්න 
නව වසර ...
අලුත් වී... ඇඳුමින් පැළඳුමින්
හැඩ උනත් අලුත් වී අප 
ඇතුළතින් උන් තැනම ...
නැත තවම අලුත් වී ...
විනාශය මුසාවක් නොකරන්න 
වෙර දරයි සැම දෙනම 
නොදැනීම.
කිය කියා  නොඑනු ඇත ,
ලෝක විනාශය නැතත් 
අප අපගෙ විනාශය




6 comments:

  1. අනිවාර්යෙන්ම! අපි අපේම විනාශය ලඟා කරගන්න දවස වැඩි ඈතක නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. අත්තමයි.... අපි දන්නෑ අපි හිනා උනේ අපිටමයි කියල

      Delete
  2. මමත් ..මග බලාගෙන හිටියේ ..ඕක වෙයිම ..කියලා ..

    ReplyDelete
  3. //විනාශය මුසාවක් නොකරන්න
    වෙර දරයි සැම දෙනම //

    මේ කතාවනම් ඇත්ත තමා.

    ReplyDelete
    Replies
    1. අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකන්...

      Delete