Wednesday, January 23, 2013

ශිල්ප දුන් වරදද ...මේ කඳුළුවල අරුත

උඹ හීං සන්දියේ 
තබා මා  කර මතින්
එතෙර කර දොළපාර 
ඇරලුවා ඉස්කෝලේ...
ටිකෙන් ටික ජය අරන් 
උඹ සිනාසෙන විටෙක 
සිනාසුණි හිරකරන්
කෙඳිරි හඬ කුසගින්නෙ
කිසිදාක ඇහැ  නොගැටී 
විස්ස විජ්ජාලෙයි කියන
මහ තැනට 
උඹ ගියේ ඉහළින්ම...
වෙන්නටලු  ලොක්කෙක් 
උපයනා හැම සතය  
එවා නුඹේ ඉගැනුමට 
අල බතල වලින් අපෙ
ගැටගැහුනණි ජීවිතය ...
දැන් උඹත් හරි උගත් 
නොතේරෙන  මහ හුඟක්
බර වචන උඹ ළඟත්
සතුටකට වඩා එය 
මගේ හිතට වුණි බරක්
.............................
.............................
නොකිව්වට මම කිසිත් 
දැන උනිමි..කල්යත්ම
උස්‌ මහත් කොට ශිල්ප දී
මා නුඹව දුන්න වග
බිල්ල්ක්ව,
මිනිස් වෙස් ගත් යකුනට....
උරාගෙන රීරි මාංසය 
තුනට හතරට කඩා අතපය  
දමා ඇත ඇඳක් උඩ 
අපි  ඇහිඳි  හීන ගොඩ.






2 comments:

  1. වරද තියෙන්නේ සමාජය තුලමයි! විශ්ව විද්‍යාල ශිෂ්‍යයයා කියන්නේ ප්‍රශ්න නිර්මාණය කරන මනුස්සයෙක් කියන දුෂ්ටිකෝනයෙන් බලන එකයි වැරැද්ද....

    ReplyDelete
  2. සමාජය තුළම ඉන්න තවත් සුවිශේෂී කොටසක් තමයි මේ අය.තෙම්පරාදු වෙච්ච ඇතැම් අය මේ අය තුල ප්‍රශ්න නිර්මාණය වෙන පසුබිම හදනවා.ඇතැමුන් එය විවේචනය කරමින් ගැටුම් මවනවා.බොහොම පරිස්සමට තමන්ගේ අරමුණට නොගියොත් රටට තියා හැදු වඩු මවුපියන්ටත් ඒ දරුවෝ අහිමි වෙන්න පුළුවන්.මේ වැරදිච්ච තැන හදන්න සටන් කරන එක ගැන හිතාගන්නවත් බෑ...ඒත් අධ්‍යාපනය මළගමක් නොවේවා තව දුරට ...

    ReplyDelete