උඹ හීං සන්දියේ
තබා මා කර මතින්
එතෙර කර දොළපාර
ඇරලුවා ඉස්කෝලේ...
ටිකෙන් ටික ජය අරන්
උඹ සිනාසෙන විටෙක
සිනාසුණි හිරකරන්
කෙඳිරි හඬ කුසගින්නෙ
කිසිදාක ඇහැ නොගැටී
විස්ස විජ්ජාලෙයි කියන
මහ තැනට
උඹ ගියේ ඉහළින්ම...
වෙන්නටලු ලොක්කෙක්
උපයනා හැම සතය
එවා නුඹේ ඉගැනුමට
අල බතල වලින් අපෙ
ගැටගැහුනණි ජීවිතය ...
දැන් උඹත් හරි උගත්
නොතේරෙන මහ හුඟක්
බර වචන උඹ ළඟත්
සතුටකට වඩා එය
මගේ හිතට වුණි බරක්
.............................
.............................
නොකිව්වට මම කිසිත්
දැන උනිමි..කල්යත්ම
උස් මහත් කොට ශිල්ප දී
මා නුඹව දුන්න වග
බිල්ල්ක්ව,
මිනිස් වෙස් ගත් යකුනට....
උරාගෙන රීරි මාංසය
තුනට හතරට කඩා අතපය
දමා ඇත ඇඳක් උඩ
අපි ඇහිඳි හීන ගොඩ.
නිමා වන්නට අර අදී
පළමු මස
උදාවී නව වසර ...
සැමරූ අයුරු 31 රෑ
කෙළිදෙලෙන් ..
වියරුවෙන්..
කාමයෙන්..
පිළිගන්න 2013
කිරි ටිකක් ඉතිර ගිය නිවෙස්
පමණට වඩා වැඩි සැණකෙළි ...
ඉතිරිකොට අතීතෙට
කෑ ගසයි විස්මිතව
යළිත් හුරු ලෙස
පිට සක්වලක් හා
අත්භූත එළි ගැන .
බෙදයි රට වට පුවතින් පුවත
මිත්‍යාවෙන් ප්‍රබන්දයෙන්
වවමින් පොහොර ඉස ඉස.
තර්කයට බුද්ධියට
න්‍යායට තාක්ෂණයට
නොවන ඝෝචර බොහෝ දෑ
අපිරිමිත බව විශ්වයේ
දෙසුවද බුදු බණේ
තවම අප අප ගැනද
සොයන පාටක් නොමැත
මංමුලා වී දුවන...
අන්ත අසරණ...
ජීවියෝඅපි වෙමු
ගැඹුරු සක්වල දනව්වේ
කිරිසුවඳ මුවගිනුත් නොයන්නට ඇත...
මවු ඇකයේ උනුහුමට පිටුපාන්නද විය ...
එක හිතෙන් කළ ශිල්ප හරින්නට විය...
කිරිකෝඩු පෙම් දමක බැඳෙන්නට විය...
සියලු දෑ පසෙක ලා රකින්නට විය ...
ප්‍රේමයම ජීවිතය බව හඟින්නට විය ...
මවුපියන් සෝ ගඟක හෙලන්නට විය...
ඇය ඔහුගේ පැල්පතේ රැජින විය...
දින දසුන පුරුදු ලෙස ගෙවෙන්නට විය...
අගහිඟ ය ජීවිතය වෙලන්නට විය ....
කිරුළ දැරු කුමරුන් ද නොරිසි විය...
පෑල දොර තහනමට විවර විය...
බඩ වියත රකින්නට හිමිට විය...
ගැරහුම්ද ඒ සමග නොඅඩු විය...
ඔහු දිවිය කඳුළකට උරුම විය...
ඇය යළිත් තවකෙකුගේ රැජින විය...
ඇවිල යන යුදගින්න නිම වුවත්
ලොවකටත් නොහැකියිලු
නිවන්නට කුසගින්න ,
කුසගින්න පමණක්ම දැනෙන
කිරි කඳුලකුදු මුව නොහෙන
සිය දහස් කිරි දරුවො
බඩ පොත්ත පිට පොත්ත
මැද සැලෙන පණ කෙන්ද
සමග මහ යුදයකය ...
පාන් රොඩ්ඩක දෙයක්
කුසට නැති දරුපැටවූ
තැනින් තැන වැටි වැටී
පණ අදිත් .
විශාලාවකි ය දැන් සිරියාව .
ඉහා මහ පිරිත් පැන්
දුරලන්න සියලු බිය
මගේ බුදු හිමියනුත්
නැහැ ඉතින්...
භීතියෙන් තැති ගැනුණු
ලෝ සතුන්
මදක් හෝ ජීවිතය
අත්හැරිය දින ටිකක්
සුපුරුදුව ගෙවුන සඳ
හාස්‍යට කරුණකිය
'ලෝක විනාශය '
ගෙවා දමා අවසාන දින ටික
සැදී පැහැදුනා පිළිගන්න
නව වසර ...
අලුත් වී... ඇඳුමින් පැළඳුමින්
හැඩ උනත් අලුත් වී අප
ඇතුළතින් උන් තැනම ...
නැත තවම අලුත් වී ...
විනාශය මුසාවක් නොකරන්න
වෙර දරයි සැම දෙනම
නොදැනීම.
කිය කියා නොඑනු ඇත ,
ලෝක විනාශය නැතත්
අප අපගෙ විනාශය
ලංවෙන්න බැරිඋනත්
බලාඋනි නිසොල්මන්ව
නුඹ දෙසම ...
සිහින් පොදයක දවටා
එවන සඳ නුඹේ සෙනෙහස
දෝත පා වැළඳ ගමි රහසේම...
හෙමි හෙමින් පතිත වන
වැහිපොදය ...
කිති කවයි සියොළඟම.
සැනසීම ඉවර නැත තවම ...
ටිකෙන් ටික ඒ සුවය
රළුව යන අයුරුවක්
මට හැගේ ....
මහද සුවපත් කළ වු
නුඹේ පෙම ..
දැන් ඉතින් අනෝරාවකි.
දරාගත නොහෙන මට
තව දුරට ...
නිම නොවෙන රුදුරු පෙම
ඉරා මහා කඳු පිටින්
ඇද දමයි සැනයකින්
යටකරන් මහසෙනග.....
මගෙ ඇකයේ ගුලිව උන්
ඒ අසරණවු නර කැළට
යනෙන මං නොමැති විය
නිමක් නැත තවම ,
නුඹ තාම පලිදරයි
ලං වෙන්න බැරි දුකට
එහෙත් නුඹ දන්නවද
කදුළු මැද ඉඳ උවත්
නුඹට මම පෙම් කරමි
දකින විට
සුදුව ගිය
බිම හැලුණු
කෙස් රොදක්...
හිත ගියා අතීතෙට ...
ඔබෙ නීල කෙස් කළඹ
දඟ පෑව යෞවනය
මගේ හිතට කතා කළ
ඔබෙ සුනිල යුග දෑස
වෙලි වෙලි හුරතලෙන්
මගේ දෑතෙ දඟ පෑව,
එදා උන් උඹ නැතත් .....
හිදී උඹ මා ළඟම
කෙස් පැසී ගිය හිසින්
ගිලී ගිය නෙත් යුගින්
වැහැරි ගිය සියොළඟින්
ඒත් .....
නොවෙනස් වු සෙනෙහෙන්.
''මිනිසා සුවඳයි මලසේ ''
උතුම් මිනිසත් බවටනම්
කදිම උවමකි එය....
පෙති සිඳී කරගැටිවූ මලක
නොවේ පෙර වූ සුවඳ ...
දහම එය උවද ,
මිනිස් බවටද නිගා දෙන
දෙපා සතකුට
තවත්නම් සරි නොවේ
ඒ උවම ...
හලා හල විෂ ගොඩක
නිමැවුමක් මිස,
දසත විහිදෙන
සුවඳ පොද නැත
උන් ළඟ ....
දුලි රැලි නංවමින්
සුසුම් හෙළු වැලි කතර
උරා ගනි හෙමි හෙමින්
හුස්ම පොද..
වැහි පොදින් පණ පොවා
බිමට හෙළු....
මිරිගු දිය පමණක්ම
නෙත් පෙලු ගිමන් කල
නිමාකළ අහස කුස
ගැබ්බරය දැන් ඉතින් ....
මහ වනස්පති නැතත්
තැනින් තැන සුසුම් හෙළු
පුංචි තුරුලිය පිරිස්
නිහඬවම වැසි පොදේ
සුව විඳිත් ....