Wednesday, November 28, 2012

මතකය සුවඳයි

හීන ඇහිඳපු
මතක යායට
යන්න දොරගුළු
නොවේ කිසිවිට‍...

හදේ ගැඹුරුම 
ලෙයින් ඉපැදුණ
නුඹේ සෙනෙහස 
වීය  අත්වැල...
ගලපන්න ජීවිතය...

මියැදුනත්  නොමියෙන 
සෙනෙහසම මිස 
නොවේ කිසිවක් 
මා සතුව...
නුඹ නමට 
පිදිය හැකි.

2 comments:

  1. සරළයි. හැබැයි ගැඹුරුයි. ලස්සනයි.
    ආසයි ආයිත් එන්න. ඒකට join button එක දෙනව නම් ගොඩක් වටිනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ස්තුතියි ඇවිත් යන්න ආවට..

      Delete