මගේ පුංචි පැල්පතට
නමාගෙන හිස
ඇතුළුවන්නට
වැල් කැඩී ගිය
එකම පුටුව මත
හරි බැරි ගැහී
වාඩි වෙන්නට
නුඹේ හදවත
ඉඩ නොදෙන්නැති
එකම බත්පත
එකට කෑ අප
අත බැඳන්
සෙල්ලමේ උන් අප
නොවී විරසක
වීය බෝ දුර
සෙයිලමේ නුඹ ගියායින් පසු
නිනව් නැතිවිද නුඹට මා ගැන
හමුවුනත් නාඳුනන විලසින්
යනෙන කල නුඹ රෝද සතරින්
ශාප කරනෙමි නුඹට නොව මම
අපව වෙන්කළ දිළිඳුකමට ම
No comments:
Post a Comment